මුල්ම ලිපිය

ආයුබෝවේවා !!!!!!! හැමෝටම........

මම මහනුවරට 36km දුරින් තියෙන සුන්දර ගම්මානයක ඉපදුන කොල්ලෙක්. හරියටම පිහිටල තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්ක මයිමේ.දේශගුනය නුවර හා නුවරඑළිය දෙකටම පොදුවුවක්. මේ ක්‍රොන්ක්‍රිට් වනාන්තරයට ඇවිත් ගොඩාක් කල්. මගේ ජිව්තේ අවුරුදු 20 න් 15 ගෙවිලා තියෙන්නේ මේ කර්කශ පොළවේ. කොළඹට මම වෛර කරන්නේ නැහැ.ඇත්තේ කලකීරිමක්.

ඒ සොඳුරු කොදොවුව කරා මා ඉගිලී ගියේ පාසල් නිවාඩුවට පමණි.නිවාඩුවේ අවසානයත් සමඟ මේ කර්කශ පොළවට නැවත මා ආ යුතුය.

කොළඹ මා හට කර්කශ වුයේ එහි පවත්නා දේශගුනයේ,කලබලකාරීබවේ හෝ වැරැද්දක් නිසා නොව මෙහි ජීවත්වන මිනිසුන්ගේ ඇති මානුශීය ගුණාංග වල ඇති පිරිහීම නිසාය.ඒ පිරිහීම මා තුලද ඇත.තමන් තුල තිබු ඒ හොඳ දේවල් අද වන විට පිරිහී ඇති බව බොහෝ දෙනා නොදන්නේය.

එයට මූලිකව බලපාන කරුනු කාරණා අතර තාක්ෂණය ප්‍රධාන ස්ථානයක් ගනී (මට සිතෙන අනුව).තාක්ෂණය හොඳය,එය අපට නැතුවම බැරිය.වැරැද්ද ඇත්තේ සියළු දේ තක්ෂණයෙන් කරන්නට යාමය.

අපි වේගයෙන් දියුණුවන සමාජයක ජීවත් වන්නෙමු.අප සැමදෙනාම රොබෝවරු වී ඇත.ආදරය,සෙනෙහස,මිත්‍රත්වය,දුක සැප ඇතුළු සියළු දේ බෙදාහදා ගන්නේ මුණු පොතෙන්,sms,email,chat වලින්ය(දොරමඬලාවට පැමිණි විද්වතෙක්ට අනුව මහා බිරිතානියේ මිනිසුන් වැඩියෙන්ම ඇබ්බැහි වන දේවල් 3 අතර මුණු පොතද ඇත ).

යම්කිසිදේක ආරම්භයක් ඇති සේම අවසානයක් ඇත.මෙහිද අවසානයක් ඇත.අවසානයේ කුමක් වේද....???????

0 ගුණ දොස්:

Post a Comment

Related Posts with Thumbnails

එක ධජයක් එකම දේශයක්

එක ධජයක්                 එකම දේශයක්

බ්ලොග් එක ගැන

සිතට එන අදහස් , සිතුවිලි , කාපු කටු , ගිල්ල ලණු , නෙත ගැටුන දේවල් ගැන ලියන්න හිතුනා.බලන්න හොඳද කියලා.......comment එකක් දාන්න අමතක කරන්න එපා.

ගන්න සිංහල