සැබෑ වීරයා කවුරුන්ද ????????????????

ලංකාවේ වර්තමානයේ වැඩියෙන්ම කතා කරන මාතෘකාව වී ඇත්තේ යුධ ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවන් කවුරුන්ද යන්නය.අප දශක තුනකට ආසන්න යුද්ධයකට මුහුණදුන්නේය,නමුත් කුමන නායකත්වයකට වුවද මෙය විසඳාගත නොහැකි විය.වසර තුනකට පෙර නැගෙනහිරින් ආරම්භ වු මානුශීය මෙහෙයුම 2009 මැයි මස නිමාවටපත්වුවේ LTTE නායකත්වයද සහමුලින්ම විනාශ කිරීමෙනි.මෙහිදි මෙම ජයක්ග්‍රහණයට යුධ,ගුවන්,නාවුක,පොලිසිය(විශේෂ කාර්ය බළකාය,ත්‍රස්ථ විමර්ශණ අංශ ),සිවිල් ආරක්ෂක බළකාය,බුද්ධි අංශ,සිවිල් ආරක්ෂක කමිටු,මහජනයා මෙන්ම මෙයට දේශපාලන නායකත්වය යන සියුලු දෙනාටම හිමි දෙයකි.කවුරුන් හෝ එය තමා කරපු දෙයක් ලෙස කීම කුහක කමකී.පාළාත් සභා මැතිවරණ වලදි ආණ්ඩුව විසින් යුධ ජයක්ග්‍රහණය විකුනා ඡන්දය ලබා ගත්තේය්,අද වනවිට සරත් ෆොන්සේකා මහතා විසින් ඒ දේම සිදු කරමින් පවති.සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට තරඟ කිරීමට විරුද්ධව කතා කිරීමට අපට අයිතියක් නැත.එය එතුමාගේ මානව හිමිකමකි,නමුත් එතුමා සමඟ අත්වැල් බැඳගෙන ඇත්තේ එදා එතුමාට හතුරුකම් කළ පිරිස සමඟය(ජවිපෙ අදාළ නැත.ජවිපෙ විසින් මෙම යුද්ධය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාව පෙළඹවීමට විශාල කාර්යභාරයක් සිදු කළේය,නමුත් එහි ප්‍රතිඵල ලැබෙන විට ඔවුන් මහින්ද සමඟ සිටියේ නැත.ප්‍රතිඵල බුක්තිවින්දෙ වෙනත් පිරිස්ය.අද වනවිට ජවිපෙ නොයායුතු මාර්ගයක,ගමන් කරමින් පවති.එයට වගකිව යුත්තේ එහි ඉහල නායකත්වය වේ.)සරත් ෆොන්සේකා මහතාට අනුව මෙතරම් කල් යුද්ධය දිනාගත නොහකිවුනේ හමුදාවන්ගේ පැවති දුර්වලතා නිසාය,ආණ්ඩුවට අනුව මෙතරම් කල් යුද්ධය දිනාගත නොහකිවුනේ යුද්ධයට අවශ්‍ය දේශපාලන නායකත්වය නොලැබු නිසාය.මේ දෙකෙන් කුමක් නිවැරදි ද,මේ දෙකම ඔවුන් පවසන්නේ තමන්ට වාසිවන අයුරෙන්ය.මට අනුවනම් මෙයට හේතුව දෙවෙනි කාරණය වේ.නමුත් එමගින් කිසිවිටකත් මෙය ආණ්ඩුවේ ජයක්ග්‍රහනයක් කිරීමට මම උත්සහා නොකරමි.

1987 ඇරඹු වඩමාරච්චි මෙහෙයුමේදි LTTE නායකත්වය කොටුවුවද, එවකට පැවති ආණ්ඩුව විදෙශයන්ගේ පැවති බලපෑම මත එය නවතා දැමුවේය,හමුදා සියලු මෙහෙයුම් සිදුවුයේ දේශපාලන නායකත්වයට අවශ්‍ය ආකාරයට වේ,ඉදිරියට යන්නට මෙන්ම පසුබසින්න අණදෙන්නේද දේශපාලන නායකත්වය වේ.සරත් ෆොන්සේකා මහතා කුමන දේ කිවුවත් හමුදාවට අගෞරව නොකළයුතුය.ආණ්ඩුවද හමුදාව ඉදිරියට දමා ඡන්ද ඉල්ලීම නොකළයුතුය.

එදා සරත් ෆොන්සේකාට අගෞරව කල පිරිස් ඔහුගේ ගුණ ගායනා කරයි,ඔහුව අගයපු පිරිස ඔහුගේ වංචා දුෂන හෙළිකරයි. ෆොන්සේකා ආණ්ඩුව කිසිවක් නොකළබව පවසන විට මේ යුද්ධයට නායකත්ය දුන්නේ එජාපය ද කියා අපට සිතේ.සියලු දෙනා මේ නාටකය දෙස අවදානයෙන් බලාසිටි(LTTE අය සතුටින් බලාසිටි ).ලබන 26 වෙනිදට ජනතාවගේ සැබෑ වීරයා ජනාධිපති අසුනේ සිටිනු ඇත.

ෆොන්සේකා ද , මහින්ද ද ??????????????????????????????

Related Posts with Thumbnails

එක ධජයක් එකම දේශයක්

එක ධජයක්                 එකම දේශයක්

බ්ලොග් එක ගැන

සිතට එන අදහස් , සිතුවිලි , කාපු කටු , ගිල්ල ලණු , නෙත ගැටුන දේවල් ගැන ලියන්න හිතුනා.බලන්න හොඳද කියලා.......comment එකක් දාන්න අමතක කරන්න එපා.

ගන්න සිංහල