ගොඩ කාලෙකට පස්සෙ ලිපියක් ලියන්නේ,මම සින්ඩියේ ඉන්නවද කියලවත් දන්නේ නැහැ.අද ඉඳන් ඉඩ තියෙන වෙලාවට මගේ ජිවිතේ අමතක නොවෙන සිදුවීම් ටිකක් ගැන ලියන්න හිතුවා.ලිපි කිහිපයක්ම ලියන්න අදහස් කරගෙන ඉන්නවා.එහෙනම් අද දවසේ පළමු ලිපිය ඔබ වෙත ගෙන එන්නම්.මුලින්ම කියන්නේ මම මේවා ලියන්නේ සිදුවු පිළිවෙලට නෙමේ.
මේ සිදුවීම වුනේ මම උ/පෙ කරන කාලේ.උ/පෙ කරන්න මම ගියේ කොලඹ තියෙන පාසලකට .ඒ පාසල හා තවත් පාසලක් අතර වසරක් පාසා අනිවාර්යෙන්ම ගැටුමක් ඇතිවෙනවා.දන්නා විදියට අතීතයේ ඉඳන්ම මෙය සිදුවෙනවා.ඒ වයසේ ඉන්න කොල්ලොන්ගෙන් යම් ප්‍රමාණයකට හැදෙන ලෙඩක් තියෙනවනේ.වලි උණ.ඕක සමහර කට්ටියට හැදෙන්නේ වි.වි ගියාම.මටනම් ඒක හැදිලා හොඳවෙලත් ඉවරයි.හොඳවෙන්න හේතුවුන සිද්ධිය පස්සේ දවසක ලියන්නම්.මේක වුනේ 2007 වසරේ මුල හරියේ.සුපුරුදු පරිදි පාසල් දෙක අතර ගැටුම පටන්ගෙන දවස් කීපයක ගතවෙලා තිබුනේ.
මමත් පාසල් අවසානයේ පාසල ඉදිරියේ තියෙන බස් නැවතුමට අවා.ගැටුම් නිසා ළමුන් පාසල් ඒමත් අඩු වෙලා තිබ්බේ.මගෙත් එක්ක 138 බස් එකේ එන මිතුරන් කිහිප දෙනෙක් විතරයි එදින පාසල් පැමිණ තිබ්බේ.බස් නැවතුම අසල අප පාසලේ නියොජ්‍ය විදුහල්පති සහ අනෙක් පාසලේ නියොජ්‍ය විදුහලපති සිටි අතර ඔවුන් ළමුන්ට උපදෙස් දෙමින් බස් රථවල නංවා ආරක්ෂාකාරී ලෙස ළමුන් පිට කරමින් සිටියේ.138 බස් එකේ යන සිසුන් එකතු කර එකම බස් රථයකට නැග්ගු අතර අප හට වැඩියෙන් උපදෙස් ලැබුනේ , අප යා යුතුව තිබුනේ අනෙක් පාසල අසලින් නිසාය.පිටුපස දොර අසල ඇති අසුන ළඟ මම සිටගෙන සිටි අතර 13 වසරේ අයියා කෙනෙකු පසුපස දොර අසල සිටියේය.ඒ බසයේ සිටගෙන සිටි සියළු දෙනා අප පාසලේ ළමුන් වු අතර ඉඳගෙන සිටියේ සාමාන්‍ය මඟින්ය.තිඹිරිගස්යාය පසුකර අනෙක් පාසලේ ළමුන් සිටිනා බස් නැවතුම අසලට බස් රථය ආවත් ඒ හරියේ එකදු ළමයෙකු හෝ නොසිටි අතර බස් රථය වේගයෙන් කිරුළපන දෙසට එමින් සිටි අතර සිග්මා උපකාරක පන්තිය අසල විශාල සිසුන් පිරිසක් සිටින බව ඈත සිටම අපට පෙනුනු අතර බස් රථය එතන නොනවතා ඉස්සරහට යන ලෙස අප පාසලේ ළමුන් කියපු දේ ඇසු රියදුරු එතැන නවත්තන්නෙ නැතුව වේගයෙන් ගිය අතර අපගේ සැකය තහවුරු කරමින් එම ස්ථානයෙ සිටියේ අනෙක් පාසලේ සිසුන් කණ්ඩායමකි.අප එතනින් යනවිට නිකන්ම නොගිය අතර එම සිසුනට හොඳ හූ සංග්‍රහයක් දුන් අතර හස්ත සංඥා මඟින්ද අපගේ අදහස් ඔවුනට සන්නිවේදය කලේය.ඉන් පසු අප සැහැල්ලු සිතින් ආවේය.
බස් රථය නුගේගොඩ නගරයට ආසන්න වෙමින් තිබුනේය.මේ අතර අපගේ ඉල්ලීම පරිදි බසයේ සිටින මඟින්ගේ ආරක්ශාව පිණිස ඔවුන් නුගේගොඩ නගරයෙන් බස්සවා අප පාසලෙ පිරිස විතරක් ගෙන යාමට බස් රථයේ රිදුරුව සිටි අයියා කැමති විය.ඒ අනුව නුගේගොඩ fashion bug ඉදිරිපිට ඇති බස් නැවතුමේ මඟින් පිරිස බැස්සවීමට ආවේය.(දැන්නම් ඒ නැවතුම නැති අතර ,ගුවන් පාලම ඉදිකිරීමට එය කඩා දැම්මේය ).බස් රථය ඒ අසලට ළංවනවාත් සමඟ අපට දැකීමට සිදුවු දෙයින් අපගේ හද ගැස්ම මොහොතකට නතර වු අතර අපට ඉදිරීයේ අනෙක් පාසලේ ළමුන් 150-200 ත් අතර පිරිසක් දැකගත හැකිවු අතර බස් රථයේ සිටියේ පාසල් ළමුන් 25 ආසන්න පිරිසකි.ඒ අවස්ථාවේ මාරගයේ තිබු රථවාහන තදබදය සමඟ බස් රථය ඉදිරියට ගැනීමට නොහැකිව හිරවු අතර වටෙන්ම ආ සිසු පිරිස මුලින් ගල් වර්ශාවකින් අපට සංග්‍රහ කළ අතර එමඟින් බසයේ විදුරු විශාල ප්‍රමාණයක් කැඩි ගියේය. මා සිටගෙන් සිටි තැන අසුනේ සිටි කාන්තාවගේ ඔලුව පැලී තිබු අතර මා අමාරුවෙන් ඇයව නැගිටුවා බස රථයේ ඉදිරියට ගෙන ගිය අතර මාගේ තවත් මිතුරෙකු ඇයව අල්ලගෙන සිටින්නට දී පසු පසට පැමිණ මාගේ බෑගය ඇර එහි තිබු තීන්ත ස්ප්‍රේ කරන ටින් එක ගෙන බස් රථය අසලට පැමිණි සිසුනට එයින් පහර දෙමින්ද විටක එයින් තීත ස්ප්‍රේ ද කල අතර ඒ අවස්ථාවේ අඩු සම්පත් ප්‍රමාණයකින් පුළු පුළුවන් විදියට අපගේ සිසුන් පහරදුන්නේය.මාගේ සිතද ඒ වෙලාවේ අවුල් වී තිබු අතර එයට වැඩියෙන්ම බලපෑවේ මා අසල සිටි කාන්තාවගේ ඔලුව පැලි තිබු ආකාරය දුටු නිසාය.කේන්තිය,දුක,කළකිරිම,තරහ,භය වැනි හැම සිතුවිල්ලකින්ම මගේ හිත පිරී තිබුනි.ගැටුම විනාඩි 15 විතර ඇදීගිය අතර අපගේ එකදු සිසුවෙකුට හෝ බසයෙන් බැසීමට නොහැකිවන විදියට පහර පිට පහර දුන්නේය.මේ අතර මගේ කලිසම පුරා ලේ පැල්ලම් තිබුනේය, ඒ සියල්ල අර කාන්තාවගෙන් වැටුනු ලේ සහ වීදුරු කටු වලට සිරීමෙන් ඇතිවු තුවාල නිසාය.අප පාසලේ සිසුනට සුළු තුවල තිබු අතර බසයේ ගමන්ගත් මඟීන් තිදෙනුකට රෝහලගතකළයුතු මට්ටමේ තුවාල සිදුවී තිබුනේය.
බසය අපහසුවෙන් සවුසිරි ගොඩනැගිල්ල ඉදිරිපිට නැවැත්තු අතර තුවාල ලද අය එළියට ගෙන වාහන වල නංවා යැවු අතර අනෙක් මඟින්ද බැස ගියේය.ඒවනවිට අනෙක් පාසලේ ලමුන් පැනගොස් සිටියේය.ඒ සමඟම අප පාසලේ ගුරුවරයෙකු පැමිණ අප හට බනිනන්ට පටනගත් අතර මාගේ මිතුරන් දෙදෙනෙක් ලුණු ඇඹුල් සහිතව ගුරුවරයාට ඇමතීම සමඟ ඔහු එතනින් ගියේය.අදටත් ඔහු අපට බැනපු හේතුව මට සිතා ගත නොහැක.ඔහු යනවත් සමඟ දිග පොලු රැගෙන පැමිණි පොලිස් බාප්පලා කිහිප දෙනෙක් තුවාලකරුවන් රැගෙන ගොස් එමින් සිටි අපගේ පාසලේ සිසුන් කිහිප දෙනෙකුට පහරදුන් අතර බිමට බැස සිටි සියළුම සිසුන් බසයට නැග්ගුවේය.පොලිස් බාප්පලා ටික බස් රථය වට සිටගත් අතර පහරදී පළායන සිසුන් ඇල්ලීමට කිසිවෙකුත් නොගියේය.මේ වන විට නුගේගොඩ නගරේ විශාල පිරිසක් එකරැස් වී සිටි අතර සියළු දෙනාම අප දෙස බලා සිටියේය.පොලිස් පහරදීමට විරුද්ධව ඔවුන්ගේ අම්මා තාත්තාද මතක් කරමින් ඉතාමත් නරක වචන වලින් පිරුනු බැනවැදීම් කිහිපයක් බස් රථය එළියට ඔලුව දාමාගත සිසුන් කිහිප දෙනෙක් විසින් සිදුකල අතර ඒ සිසුන් පිරිසට මාද අයත් විය.
පසුව බස් රථය පොලිසිය විසින් මිරිහාන පොලිසිය දෙසට රැගෙන යමින් තිබුන අතර නුගේගොඩ දුම්රිය හරස් මාර්ගය අසල බස් රථයේ වේගය අඩු කලේය.ඒ සමඟ අපට පහරදි යමින් සිටි අනෙක් පාසලේ සිසුන් දෙදෙනෙකු දුටු අප පාසලේ සිසුවෙක් පොලිසිය සිටියදීම බසයෙන් පැන දුවගොස් සිසුවාට පහරදුන් අතර ඔහු සමඟ සිටි අනෙක් සිසුවා පැනගිය අතර අප පාසලේ සිසුවා අත්තඩංගුවට පත්විය.මේ අතර ලද අවස්ථාවෙන් බසයේ සිටි මගේ මිතුරෙක් බසයෙන් පැනගොස් සිටියේය.ඉන් පසු බසය මිරිහාන වෙත ගෙන ගියේය.පොලිසියට ලඟාවෙන්න ප්‍රථම මාගේ මිතුරෙක් ළඟ තිබු පිහියක් මා විසින් මාගේ සපත්තුව තුල සඟවා ගත්තේ එය අසුවේ යැයි ඔහු බියෙන් සිටි නිසාය.
පොලිසියට රැගෙන ගියපු අපගේ සියළු විස්තර සටහන් කරගත් අතර කට උත්තර කිහිපයක්ද ලබා ගත්තේය.බස් රථයේ රියදුරු අයියා හා කොන්දොස්තර අයියා විසින් දුන් කට උත්තරය නිසා පොලිසියේ පිරිස් තුල අප ගැන තිබු වැරදි වැටහීම නැති විය.පැය 2 කට පසු අපව සිටි තැනින් පොලිසිය පිටුපසට රැගෙන ගිය අතර ඉන් විනාඩි කිපයකට පසු අනෙක් පාසලේ සිසුන් 13 දෙනෙකු රැගත් වෑන් රථයක් පැමිණියේය.සිසුන් සමඟ එම පාසලේ ගුරුවරු කිහිපදෙනෙක්ද පැමිණි තිබුනේය.හවස 5.30 ට පමන අපට පොලිසියෙන් එන්නට අවසර දුන් අතර අප සියළු දෙනාම නිවෙස් බලා පිටත්විය.පෙර පරිදිම අපි එතනින් එන විට පැමිණි සිටි සිසුන්ට ඔරවමින්,විරිත්තමින් හා හස්ත සංඥා මඟින් අපගේ සිත් තුළ ඔවුන් කෙරෙහි තිබු හැඟීම ප්‍රකාශ කළේ පොලිසියටත් හොරාය.එදින මට රොටරියේ රසායන විද්‍යාව පන්තියක් තිබුනි.එය අවසන් වෙලාවට මම එතනට ගිය අතර පසුව වෙනදා මෙන් අප ගෙවල් පැත්තේ සිටින මිතුරන් සමඟ මම ගෙදර ආවේය.නිවසට එනකන්ම වට පිටාවේ සිටි සියළු දෙනා මා දෙස බැලුවේ අමුතුවෙනි,ඒ මාගේ ඇඳුමේ තැනින් තැන තිබු ලේ පැල්ලම් නිසාය.මේ සිදුවීම මාගේ හිත තුල අදටත් මැවී පෙනෙනවා.මා ගෙදර ආ පසු මගෙ අම්මා අඬපු විදිය දැකලා මම ගොඩක් දුක් වුනා.අම්මට මම වෙච්ච සිද්දියේ සමර දෙවල් නොකියා සිටි අතර එය අතටම අහු වුනේ එදින රාත්‍රී සිරස නාළිකාවේ ප්‍රවෘත්ති වලට බස් රථය පෙන්නු නිසාය.මේ සිද්දියේ මතක සටහනක් විදියට තීන්ත ස්ප්‍රේ ටින් එක අදටත් මා ලඟ ඇත.
සිදුවීමෙන් පසු ,
ඊට මාස ගානකට පසුව එම ටින් එකෙන් පහරක් වැදුන අනෙක් පාසලේ ළමයෙක් හම්බවුන අතර පසුව ඔහු මගේ හොඳම යාළුවෙක්ද වුනේය.
මා කලින් ඉගෙනගත් පාසලේ එක පේලියේ සිටි මගෙ හොඳම මිතුරෙක් අනෙක් පාසලේ උ/පෙ කරන්න ගිය අතර ඔහුද ඒ පාසල නියෝජනය කරමින් පහරදීමට පැමිණ ඇත.
ගැටුමේදී මඟින්ට වැඩියෙන් තුවාල වුනේ ඔවුන් අප කියපු දේ නොඅසා ආසන වලම වාඩිවී සිටි නිසාය.අදටත් ඔවුන් ගැන දුකක් මගේ හිතට දැනෙන්නේ ඔවුන් අමාරුවේ වැටුන නිසාය.
අප සිග්මා එක අසලදී හූ කියපු නිසා එතැන සිටි සිසුන් කණ්ඩායම අපේ පැමිණීම ගැන සියළු තොරතුරු නුගේගොඩ සිටි අනෙක් පිරිසට දුරකථන මඟින් දැනුම් දී ඇති අතර ඔවුන් හොඳට සූදානම් වී සිටියේ ඒ නිසාය.(එම පාසලේ සිටි සිසුන් කිවුව දේවල්ය, ඇත්තද බොරුද කියා මා නොදනී)
මේකත් කිවුවේ අනෙක් පාසලේ සිසුවෙක්,අපේ පසලේ ළමයෙක් ගහන්නට දෙයක් නැතිව කෙළ වලින්ද ගසා ඇත.
එදා මා සමඟ සිටි මිතුරන් දසිත්,රොබට්,රංගන(බසයෙන් පැන ගියේ ඔහුය ),ශානක අයියා,සමිල්,ප්‍රියන්කර(පිහිය ගෙනාවේ ඔහුය ),මම පුෂ්පේ(මට පාසලේ කියපු නම )
මම කියලා තියෙන විස්තර අනුව පාසල් දෙක මොනාවද කියලා හිතාගන්න පුළුවන්නේ..........කොච්චර ගහගත්තත් හැමදාම අපි හොඳ සහෝදර පාසල්.
මා ලිපියක් ලිවුවේ මාස ගණනාවකට පසු නිසා අඩු පාඩු තිබුනොත් පෙන්වා දෙන්න.මේ ලිපියේ මා හට සඳහන් කළහැකි සියළුම කරුණු දක්වා ඇති අතර කරුණු කිහිපයක් සඳහන් නොකළේය.තවත් කථාවකින් පසුව හමුවෙමු.


3 ගුණ දොස්:
මාර වැඩේ... මටත් ඉස්කෝලෙ අය කියන්නේ පුෂ්පේ කියල.
අනේ බොලේ ගලාට වෙල තියෙන වැඩ... හිකිස් :)
:)) ඒ මොකක්ද බං මේ ඉස්කෝල දෙක!! ?? :))
Post a Comment