පහන් සිළුව දැවුනේ - ලොව එළිය කරන්නයි

ගොඩ කාලෙකින් ලිපියක් ලියන්නේ.ජිවිතේ ගලාගෙන යන විදියේ පොඩි වෙනසක් වුනා.ඒ වෙනසත් එක්ක කාලය යනවා තේරෙන්නේ නැහැ.ළඟදි දැක්ක ගීතයක් නිසා ලිපියක් ලියන්න හිතුනා.යුද්ධය ගැන,විරෝධාර සෙබලුන් ගැන,සාමය ගැන ගීත කොපමණ ඇසුවත් මෙවැනි ගීතයක් මින් පෙර මා අසානැත.එය තව තවත් හිතට සමීපවුනේ මෙයට පසුබිම් වූ කතාව දැනගත් පසුය.ඔබගේ දැන්ගැනීම පිණිස මා එය මෙසේ සඳහන් කරන්නම්.මේ මාගේ වචන නොව කවුරුන්විසින් හෝ මුණුපොතේ කතාව සඳහන් කර තිබු දෙයක්ය.මෙය ලියු පුද්ගලයා ගැන මා නොදන්නා අතර කවුරුන් හෝ දන්නවනම් මෙහි සඳහන් කරන්න.


එක් සත්‍ය සිදුවීමක්

ලුතිනන් කර්නල් (එවකට මේජර්)නිලන්ත ජයවීර සිටියේ සටන් භූමියේ අණ දෙමින්ය.වීරෝදාර හමුදාව, අසරණ දෙමළ ජනතාව ගලවා ගැනීමේ ඒකායන අරමුණින් ගිනිඅවිය පසෙක තබා අසරණයන් කෙරේ සැබෑ මිනිස්කම පතුරවමින් අසරණයන්ට සැගවී එන වෙඩි උණ්ඩයට පවා මුහුණ දෙමින් සිටියෝ ය.ඒ අතර කර්නල් නිලන්ත විසින් ත්‍රස්තයන් විසින් ගිනිබත් කල කූඩාරමක බරපතල තත්වයේ හුන් කුඩා බිළිදෙකු බේරා ගැනීමට තම දිවි නොතකා සතුරන් අතරට දිව ගියේය.එය ජනතාව අතර සැගව සිටි ත්රස්තයන් පවා බලාපොරොත්තු නොවූ දෙයක් විය.
ක්ෂනිකව දරැවා බේරා ගත් කර්නල් නිලන්ත දරැවා පසුපසට ගෙන ආවෙ ඉක්මන් ප්‍රතිකාරයක් බලාපොරොත්තුවෙනි.නමුත් කුඩා බිළිදා ඒ වන විටත් දැඩි අසාධ්‍ය තත්වයේ විය.නමුත් නිලන්තගේ දරැ සෙනෙහසට කල නොහැක්කක් නොමැති විය.මාස ගණනකින් නොදුටු තම දරැවාට දක්වන්නා වූ ආදරය හා සමාන ආදරයක් සෙසු රණවිරැවන්ට මෙන්ම නිලන්තටද විය.දරැවාගෙ වගකීම තමන්ම බාර ගත් නිලන්ත තුවාල ලැබූ සෙබලුන් ගෙන යාමට ආ හෙලිකොප්ටරයක උදව්වෙන් නන්නාදුනන බිලිදාව රෝහල් ගත කර අවසාන මොහොතේ බේරා ගත්තේය.ඔහු නැවතත් එවේලේම යුද බිමට වාර්තා කලේ තවත් දහසක් ගලවා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
ඒ සටනේ අවසන් දින කිහිපය විය.රණවිරැවන් දිවා රෑ නොබලා අසරණයන් ගලවා ගනිමින් සිටියෝය.

ලුතිනන් කර්නල් නිලන්තට තම නිවසින් පැමිනියේ සතුටුදායක ආරංචියක් නොවේ.තම ආදරනීය පුතුට ඩෙංගු රෝගය වැලදී රෝහල් ගත කර ඇත.වය්ද්යවරැ දරැවගේ පියාගේ පැමිනීම බලාපොරොත්තු විය.ඒ දරුවා සතුටුදායක තත්වයක නොසිටි බැවිනි.නමුත් ක්රියාන්විත තත්ව යටතේ නිලන්තගේ අණ සටනට අවශ්යම විය.සටන ඒ තරම් ම දරැණුවිය.ඔහුට කෙටි නිවාඩුව ලැබුනේ තුන්වන දිනයේදී ය.ඔහු ඒ මොහොතේම තම දරැවා දැකීමට කෙලින්ම ගියේ රෝහලටය්.
දින දෙකක් ප්රමාද වී පැමිනීම ගැන රෝහලේ වය්ද්යවරැ ලුතිනන් කර්නල් නිලන්තට මෙසේ පැවැසීය.
"ඔයාලට දරැවන් ගැන කිසිම අදහසක් නෑ.ඔයාල දන්නෙ මිනිස්සු මරන්න විතරය්.තමන්ගෙ දරැවන් ගැනවත් හරියට හිතන්නැති මිනිස්සු කොහොමද

අනිත් මිනිස්සු ගැන හිතන්නෙ...අනේ මන්ද මේ මිනිස්සු කොහොම යුද්ධ කරනවද කියලා..."

නිලන්තට තරහ නොආවෙය.පැමිනි ඒ සිතුවිලි ධාරාව ඔහු අකුරැ වලට පෙරැලීය.....

"ඔබට මේ ඇසෙන්නේ එ අකුරු බවට පත්වූ, ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර රණවිරැ පියාගේ ඒ මොහොතේ වූ සිතුවිලි දහරය්...හොදින්

ඇහුම්කන් දෙන්න.ඔහුගේ හදවතට.හෙළැ රණවිරැවන්ගේ හද ගැස්ම ඒ තුල වේ"


4 ගුණ දොස්:

පසන් Sid November 25, 2010 at 8:26 PM  

ලස්සනයි සහෝ...

මාරයාගේ හෝරාව November 25, 2010 at 10:23 PM  

කාලෙකින්...

Anonymous December 5, 2011 at 10:36 PM  

www.cinelanka.net

අළුත් මල්ලි August 29, 2012 at 6:12 PM  

අපූරුයි.... අදයි මේ පැත්තේ මුලින්ම ආවේ... ආයෙමත් එන්නම්....

Post a Comment

Related Posts with Thumbnails

එක ධජයක් එකම දේශයක්

එක ධජයක්                 එකම දේශයක්

බ්ලොග් එක ගැන

සිතට එන අදහස් , සිතුවිලි , කාපු කටු , ගිල්ල ලණු , නෙත ගැටුන දේවල් ගැන ලියන්න හිතුනා.බලන්න හොඳද කියලා.......comment එකක් දාන්න අමතක කරන්න එපා.

ගන්න සිංහල